පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෙවනපිටිය ප්‍රදේශිය කොට්ඨාශයේ ස්වයං රැකියාවේ නියුතු විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයින් වෙනුවෙන් ඉදිකෙරුණු අභිජනන මධ්‍යස්ථානය, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ විසිතුරු මසුන්,මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරිම,ධීවර වරාය සංවර්ධනය,බහුදින ධීවර කටයුතු හා මස්ත්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා, මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකිර්ති අතුකෝරාළ මහතා, ශ්‍රි ලංකා ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති ජයන්ත විජේරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ හා රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන්දි අද පෙ.ව.10.00ට පොළොන්නරුව සෙවනපිටියේ දී විවෘත කෙරේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයින් ශක්තිමත් කිරිමේ වැඩ සටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.