අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) දිනයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.
2021 වසරේ ශිෂ්‍යත්ව විභාග ප්‍රථිඵල ඊයේ දිනයේ නිකුත් කළේය. මෙම විභාගය ඉතිහාසයේ පැවැත් වූ දුෂ්කරතම සහ අභියෝග මධ්‍යයේ පැවැත් වූ විභාගයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ශිෂ්‍යයන් වශයෙන් ඉතා දරුණු පීඩාකාරී තත්ත්වයකට මුහුණ දෙමින් මෙවර දරුවන් විභාගයට පෙනී සිටි බව පෙන්වා දුන්නේය. මෙවර වැඩිම ලකුණු ලබා ගත් යාපනය දිස්ත්‍රික්කයේ තමිල් සෙල්වම් ගජලක්ෂණ් පුතණුවන් ඇතුළු සියළු දරුවන්ට අමාත්‍යවරයා මෙම අවස්ථාවේ සිය සුභාසිංශන එක් කළේ ය.
තවද 2021 වසරේ පැවති පැරා ඔලිම්පික් තරගයෙන් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා වෙත නිවෙසක් ලබා දීම සඳහා නාමල් රාජපක්ෂ මහතා යොමු කළ යෝජනාවට ඊයේ (14) දිනයේ දී කැබිනට් අනුමැතිය හිමි වූ බවත්, කැබිනට් මණ්ඩලය මෙවැනි යෝජනාවන් අගය කරන බවද අමාත්‍යවරයා පැවසීය.