අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල පුනර්ජීවනය සඳහා එක්වරක් පමණක් ගෙවන දීමනාවක් ලෙස රු 100,000/ ක දීමනාවක් ගෙවීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා යොමුකළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ,අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.
මෙරට අතුරුදහන් වූ පවුල්වල සාමාජිකයින් 14,000කට වැඩි සංඛ්‍යාවක් සිටින බවත් මෙම පුරවැසියන් පිළිබඳ සොයා බැලීම කඩිනම් කිරීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, දශක තුනකට අධික කාලයක් මෙම රටේ අතුරුදහන් වූවන් ලෙස සැළකෙන අපේම පුරවැසියන්ට සාධාරණයක් ඉටු කිරීමට කාලය එළඹ ඇති බවය.