බස් ගාස්තුවෙන් තුනෙන් එකකටත් අඩු ප්‍රමාණයක් දුම්රිය ගාස්තු මඟීන්ගෙන් අය කෙරන අතර සහනදායි මිලකට දුම්රිය ප්‍රවාහන කටයුතු සිදු කෙරේ.
පසුගිය කාලය තුළ ඉන්ධන මිල ඉහළ ගිය ද දුම්රිය ගාස්තු සංශෝධනයට කටයුතු නොකළ නමුත් මේ වන විට රුපියල් 55 කින් ඩීසල් මිල ඉහල යාම නිසා ඩීසල් මිල දී ගැනීමේ වියදම තවදුරටත් දුම්රිය දෙපාර්තමේන්තුවට දරා ගත නොහැකි වන බැවින් ඉන්ධන මිල පමණක් හෝ පියවාගැනීමට හැකි වන පරිදි ඉදිරියේ දී දුම්රිය ගාස්තුවල සුළු සංශෝධනයක් සිදු කෙරෙන බවත් ඊට අදාළ පුර්ව අනුමැතිය ඊයේ (14) දිනයේ දී ලැබුණු බවත් පැවසුවේය.
එමෙන්ම, පසුගිය දිනවල ඉන්ධන වල මිල ඉහළ යාමත් සමඟ මේ වන විට බස්ගාස්තු වල ද යම් සංශෝධනයක් සිදු කෙරිණි. ඒ අනුව දීර්ඝ ලෙස බස් රථ හිමියන්ගේ සංගම් සමඟ සාකච්ඡා කොට අවම ප්‍රමාණයෙන් බස් ගාස්තු සංශෝධනය කිරීමට එකඟත්වයකට පැමිණීමට රජයට හැකි වූ බවත් අවම බස් ගාස්තුව රුපියල් තුනකින් වැඩි කරන්නත්, 15% කින් බස්ගාස්තු සංශෝධනයක් සිදුව ඇති බවත් මෙහි දී ප්‍රකාශ කළේය.
ඒ සමඟම එකී සියලුම කාණ්ඩ වල නව සංශෝධිත බස්ගාස්තු මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.