එම කරුණ පැවසීමට මෙන්ම එය පිළිගැනීමටද කිසිදු පැකැළීමක් නැතැයිද මෙය සැගවිය යුතු කාරණාවක් නොවන බවද ඔහු සදහන් කළේය. ඔහු මේ බව පැවසුවේ අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
දැවැන්ත ආර්ථික පීඩාවක් තුළ එයට කළ හැකි දේ කුමක්ද යන සාකච්ඡාව තුළ තමා ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන දේශපාලනඥයින් සිටිනා බවද, මෙහිදී ආණ්ඩුව නියෝජනය කරන දේශපාලනඥයින් පමණක් නොව විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයින් පවා මෙම කාරණය තමන්ගේ මූලික වගකීමක් බවට පත්කරගත යුතු බවද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේය.
මෙහිදී ආණ්ඩුවට ඇති වගකීම වැඩි බවද, මිනිසුන් පීඩාවිදීම සම්බන්ධයෙන් බරපතල කණගාටුවක් සහ වේදනාවක් තමාටද පවතින අතර තමාද දරිද්‍රතාවයෙහි පතුල අතපතගාන පන්තිය නියෝජනය කරන පුරවැසියෙක් වශයෙන්පුද්ගලිකව මෙම තත්ත්වය අත්විදිනා බවද විනාඩි 30 – 40 ඩීසල් පෝලිම් වල සිට ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.
ඉතාම අසීරු ආර්ථික අවපාතයක, සමාජ පීඩනයක අප සියලුදෙනාම ඉන්නා බව රහසක් නොවන බවද, 69 ලක්ෂයෙහි නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවේද ඒ පිළිබදව ඇති වේදනාව සහ පීඩනය වැඩි වශයෙන්ම දැනෙන කණ්ඩායමේ කොටස්කරුවන් තමා ඇතුළු පිරිස නියෝජනය කරන බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.
ආර්ථික සභාවට මෙරට ආර්ථිකය පිළිබද රාජ්‍ය සහ පෞද්ගලික අංශ වල විශේෂඥයින්, විශ්ව විද්‍යාල ප්‍රජාව තුළ සිටින බුද්ධිමතුන් නියෝජනය කරමින් විශාල පිරිසක් එකතු කරගෙන මෙම ගැඹුරු අවස්ථාව කළමනාකරණය කරගන්නේ කෙසේද යන්න මෙන්ම මෙම අසීරු අවස්ථාවට මුහුණ දෙන්නේ කෙසෙද යනුවෙන් විද්වත් ශාස්ත්‍රීය කතාබහකට කටයුතු සලසා ඇතැයිද ඔහු පැවසුවේය.
කැබිනට් මණ්ඩලයේ ඇතැම් දේශපාලනඥයින් විසින් විදුලිය කැපීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සිදුකළ විවිධ සැලසුම්සහගත නොවන ප්‍රකාශ හේතුවෙන් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ, එනම් දේශපාලනඥයන්ගේ විශ්වාසනීයභාවය පිළිබදව සමාජයට ගැටලුවක් මතුවී ඇතැයිද මෙය සංවේදීතාවය ගිලිහීයාමට එක් හේතුවක් බවද කැබිනට් ප්‍රකාශකවරයා අවධාරණය කළේය.
දේශපාලනඥයින් වශයෙන් තමා ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන දේශපාලනඥයින් කණ්ඩායම විසින් ගනු ලැබූ තීන්දු තීරණ සම්බන්ධව, එම තීන්දු ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම සම්බන්ධව මෙන්ම ප්‍රතිපත්ති සම්පාදනයේ යම් ප්‍රමාදයක් ඇතිනම් ඒ සියල්ලටම වගකීම තමා ඇතුළු පිරිස ගත යුතු බවද, එයින් බැහැරවීමට කිසි ලෙසක උත්සාහ නොකරන අතර මේ අවස්ථාවේ මිනිසුන් මුහුණපා සිටින තත්ත්වය පිළිබදව සංවේදීභාවයෙන් මිදීමටද කිසිදු අවශ්‍යතාවයක් නැතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.