නිෂ්පාදනයේ යෙදෙන හමුදා නිලධාරින්,සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින් හා කාබනික පොහොර නිෂ්පාදකයින් වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන වලින් රුපියල් ලක්ෂ120 ක වියදමින් කාබනික පොහොර සැකසීමේ කැබලිකරණ යන්ත්‍ර 20ක් හා නිෂ්පාදිත කාබනික පොහොර හැලිම සඳහා යන්ත්‍ර 20ක් ලබා දීම මෙහිදී සිදු කෙරිණ.
රජයේ වත්කමක් ලෙස මෙය තබා ගැනීම,කිසිම කෙනෙකුට මෙම යන්ත්‍රය නිෂ්පාදිතයෙන් තොරව තබා ගත නොහැකි අතර අන්සතු කිරිමට හෝ විකිණිමට හැකියාවක් නැත.භාවිතයෙන් තොර වු විට යන්ත්‍රය නැවත රජයට භාර ගෙන වෙනත් අයෙක් සඳහා භාර දීමට දිස්ත්‍රික් ලේකම්ට බලය පැවරී ඇත.ඉහත කොන්දේසි වලට යටත්ව ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර නිෂ්පාදනය සිදු කළ යුතු අතර අධීක්ෂණ හා පසුවිපරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සතුවේ.
මෙම අවස්ථාවට පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ ධර්මසිරි මහතා,අමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි නලින් මෙත්තසුරිය මහතා, දිස්ත්‍රික් කෘෂි අධ්‍යක්ෂ,සහකාර අධ්‍යක්ෂ පොහොර ලේකම් කාර්යාලය,නිෂ්පාදනයේ යෙදෙන හමුදා නිලධාරින්,සිවිල් ආරක්ෂක දෙපාර්මේන්තු නිලධාරින් හා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, කාබනික පොහොර නිෂ්පාදකයින් සහභාගි විය.