ඒ මහතා මේ බව කියා සිටියේ අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.
මේ වන විට සියලුම ත්‍රීරෝද රථ මීටර් ටැක්සි බවට පත් කිරීමට ගැසට් පත්‍රය නිකුත් කොට ඇති නමුත්, ත්‍රිරෝද රථ වලට සවි කරන මීටර් වලට යම් වියදමක් සිදුවන නිසා කොවිඩ් තත්ත්වය හමුවේ ත්‍රිරෝද රථ රියදුරන්ට යම් සහනයක් ලබා දීම උදෙසා සුළු කාලයකට මීටර් සවි කිරීමේ කටයුතු නතර කළ නමුත්, නැවතත් මෙම ගැසට් පත්‍රය ආරම්භ කළ යුතුව තිබෙන බවත් මුදල් අමාත්‍යවරයා විසින් ත්‍රීරෝද රථ සඳහා මෙවර අයවැයෙන් ද මිලියන 800ක් පමණ වෙන් කොට ඇති බවද ප්‍රකාශ කළේය.
ඒ අනුව, අවම වශයෙන් එක් පළාතක හෝ මෙම කටයුත්ත ආරම්භ කොට හෝ ත්‍රීරෝද රථ මීටර් ටැක්සි බවට පත් කිරීමට ගැසට් පත්‍රය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන බවත්, දැනට තිබෙන ප්‍රතිපාදන සහ පනත අනුව පාසල් රථ සහ බහලුම් ප්‍රවාහන රථ නියාමනය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරමින් තිබෙන බවත් හෙතෙම පැවසුවේය.
එහෙත්, එලෙස නියාමන කටයුතු සඳහා ප්‍රතිපාදන නොමැති නම් යම් කිසි සංශෝධනයක් හෝ සිදු කර සමස්ත ජනතාවට බලපාන ප්‍රවාහන ක්ෂේත්‍ර ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ ගාස්තු නියාමනයට නතු කිරීමටත් මේ වන විට කටයුතු කරමින් තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.
එපමණක් නොව ඊයේ (14) නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මඟින් සෑම කාණ්ඩයකටම අයත් ධාවන ගාස්තු නිකුත් කර ඇති බැවින් ඊට වඩා වැඩියෙන් ගාස්තු පුද්ගලික හෝ ලංගම බස්රථ විසින් මඟීන්ගෙන් අය කර ගැනීම නීති විරෝධී බවත් අමාත්‍යවරයා පැවසීය.