පාර්ලිමේන්තුව පිළිබඳව රචිත ග්‍රන්ථ ඇතුලු ප්‍රකාශන කට්ටල දිවයිනම ආවරණය වන පරිදි මහජන හා පාසල් පුස්තකාල වෙත බෙදා හැරීම මෙම වැඩසටහනේ අරමුණයි.
මෙහි තවත් එක් ඉදිරි පියවරක් ලෙස පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ මහජන පුස්තකාලයේදී සිදු කෙරුණේ පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සහ පුස්තකාලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙනි.
මෙහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඓතිහාසික වටිනාකම, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ කාර්යභාරය , කාරක සභා ක්‍රමය පිළිබඳ පුස්තකාලයේ නිලධාරීන් දැනුවත් කිරීම සිදු කෙරුණු අතර පාර්ලිමේන්තුව මඟින් ප්‍රකාශිත පාර්ලිමේන්තු සාර සංහිතා ග්‍රන්ථය ඔවුන් වෙත පිළිගැන්වීමද මෙම අවස්ථාවේදී සිදු කෙරුණි.
මෙම වැඩසටහනට සමගාමීව පාර්ලිමේන්තුවේ මහලේකම්තුමන් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු වෙත කොළඹ මහජන පුස්තකාලයේ සමාජික කාඩ්පත් තිළිණ කිරීමද සිදු වූ අතර පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තම්න්තුව මඟින් ප්‍රකාශිත සාරසංහිතා ග්‍රන්ථය පුස්තකාලයාධිපතිනිය වෙත තිළිණ කිරීමද මෙහිදී සිදු විණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මැතිනිය, සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා ඇතුළු ඉහළ නිලධාරීහු පිරිසකගේදායකත්වය සැපයීම විශේෂත්වයක් විය.