එහිදී රොෂාන් රණසිංහ මහතා පැමිණි සිටි ජනතාව අමතමින් මෙසේ පැවසීය. අද අපේ රටට ඉන්නවා හොඳ දැක්මක් හා කැපවීමෙන් වැඩ කරන ධීවර අමාත්‍යවරයෙක්. එතුමාගේ අමාත්‍යාංශ කාර්යය මණ්ඩලය හොඳ සහයෝගයෙන් හා උනන්දුවෙන් වැඩ කර ඇති බව අද අපට දැක ගන්නට පුළුවන්” යැයි පැවසීය.
“අද ආරම්භ කරන ලද මෙම විසිතුරු මත්ස්‍ය පැටව් අභිජනන මධ්‍යස්ථානය ප්‍රදේශයේ ජනතාවට ඉතාම අත්‍යවශ්‍ය ව්‍යාපෘතියකි. විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරයේ යෙදීම මඟින් දේශිය මෙන්ම විදේශියව හොඳ ආදායමක් ලබා ගත හැකියි. පසුගිය වසරේදී විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් අපේ රටට ඇමරිකානු ඩොලර් මිලියන 22 ක ආදායමක් ලැබුණා. 2022 වසරේදී මීට වඩා වැඩි ආදායමක් ලබා දීමට හැකි වෙතැයි මා විශ්වාස කරනවා. එම අපනයන ආදායමෙන් විශාල පංගුවක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයින් විසින් මේ රටට උපයා දෙනු ඇතැයි මා විශ්වාස කරනවා.
විශේෂයෙන්ම මාගේ ඉල්ලීම පරිදි කංචන විජේසේකර මැතිතුමා පොළොන්නරුව ජනතාවට ලබා දෙන ලද මෙම විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය වෙනුවෙන් මම එතුමාට ස්තුතියි කරනවා.අද විශාල පවුල් ප්‍රමාණයකට ආර්ථිකය ගොඩනගාගෙන හොඳ මට්ටමකට පැමීණීමට මෙමගින් මඟ පැදිලා තියෙනවා.
රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් “අද පවතින ඩොලර් අර්බුදයට මෙය හොඳ විසඳුමක්. අපට පුළුවන් නම් මෙම විසිතුරු මත්ස්‍ය අපනයනය ව්‍යාපාරය වැඩි දියුණු කිරීම මඟින් ජාත්‍යන්තර වෙළඳ පොළේ හොඳ අවස්ථාවක් ලබා ගැනීමට එයින් අපට අද රටේ පවතින ඩොලර් අර්බුදය විසඳ ගැනීමට හැකි වෙනවා.“ යැයි ද පැවසීය.
මෙම අවස්ථාවට ගෞවරවණීය ස්වාමීන් වහන්සේ ඇතුළු පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරාළ මහතා, දිඹුලාගල-වැලිකන්ද කොට්ඨාශයේ ජගත් සමරවික්‍රම මහතා, විපක්ෂ නායක, ජගත් කහගල්ල මහතා, ධීවර අමාත්‍යාංශ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම මහතා, අතිරේක ලේකම් රංජිත් තලංගම මහතා, ජල ජීවි සංවර්ධන අධිකාරියේ සභාපති, වයඹ පළාත් හිටපු ජයන්ත විජේරත්න, අධ්‍යක්ෂ ජනරාල් අශොකා මහත්මිය, ප්‍රදේශීය ලේකම්තුමිය, නේවාසික කළමණාකාරතුමා, ප්‍රධාන ලේකම්, හා අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමිය ඇතුළු සියලුම කොට්ඨාශ වල දේශපාලන නායකත්වය දරන නිළධාරීන් ද මෙම අවස්ථාවට සහභාගි විය.