ඔහු මේ බව පැවසුවේ, (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ශ්‍රී ලංකාව 1993 වර්ෂයේ සිට එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබදව රාමුගත සම්මුති පාර්ශව රාජ්‍යයක් ලෙස කටයුුතු කරන බව අවධාරණය කළ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, එහි ඉදිරි දැක්මක් වශයෙන් 2016 වසරේදී පැරිස් ගිවිසුමත් අප රජය විසින් අනුමත කර ඇතැයි සදහන් කළේය.
එම ක්ෂේත්‍රයන්හි ආයෝජන වශයෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම සහ වන සංරක්ෂණ ක්ෂේත්‍රයන් වඩාත් වැඩිදියුණු කිරීම සදහාද වඩාත් යහපත් ලෙස කෘෂිකාර්මික සහ අනෙකුත් ඉඩම් පරිහරණය කිරීම වෙනුවෙන්ද ජාතික සැලැස්මක් සකස් කිරීම සදහා ශ්‍රී ලංකාවට ආධාර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගෝලීය පරිසර පහසුකම් යටතේ ඇමරිකානු ඩොලර් 863,000ක මුදලක් ප්‍රදානයක් වශයෙන් ලබාදීමට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය එකගතාවය පළකර ඇතැයිද අමාත්‍යවරයා පැවසුවේය.
එම ආධාර මුදල ලබාගැනීම සදහා ඉදිරි සාකච්ඡා සිදුකිරීමටද, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සමග ගිවිසුමකට අත්සන් තැබීම සදහාද පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ සන්දේශයට ඊයේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව වැඩිදුරටත් අවධාරණය කළේය.