විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේදී ( 14 දින ) රාජ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා, ආයෝජන මණ්ඩල සභාපති රාජා එදිරිසූරිය මහතා, අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මිය ඇතුළු ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල නිලධාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරිය මේ බව පැවසුවාය.
මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය යටතේ පවතින වෙළද කලාප 14 ක් පමණ පවතින බවත්, දෛනිකව සිදුවන විදුලි කප්පාදුව හේතුවෙන් එම කර්මාන්ත ශාලා බොහොමයක මේ වනවිට වැඩකටයුතු අඩාලව ඇති බවත්, ඒ හේතුවෙන් ආයෝජකයන්ගේ පැමිණීමද අඩාලවන ලකුණු පහළවී ඇති බවත්, ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල නිලධාරීන් අමාත්‍යවරිය දැනුවත් කර ඇත.
මෙසේ ආයේජකයන් මෙරටට පැමිණීම සහ රට තුළ ආයෝජනය අත්හිටවුවහොත්, වාර්ෂිකව ශ්‍රී ලංකාවට ලැබියයුතු ඇමරිකානු ඩොලර් බිලියන ලක්ෂ 08 ක පමණ අපනයන ආදායමක් රටට අහිමිවී යා හැකි බවද එම නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ. එමෙන්ම මේ ආකාරයෙන් දෛනිකව විදුලි කප්පාදුවක් සිදුවුවහොත්, ආයෝජන ප්‍රවර්ධන කලාපයට අයත් කර්මාන්ත ශාලා වැසීයාමෙන්, දේශීය ශ්‍රමිකයන් ලක්ෂ 05 කට පමණ සෘජු රැකියා අහිමිවීමේ අවධානමක්ද පවතින බව ඔවුන් වැඩිදුරටත් අමාත්‍යවරිය වෙත කරුණු පැහැදිලි කර ඇත.