එහිදී අමාත්‍යවරයා ඔටුන්න හිමි කුමරු ෂේක් හම්දාන් බින් මොහොමඩ් බින් රාෂඩ් අල්-මැක්ටොම් (Sheikh Hamdan Bin Mohammed Bin Rashid Al Maktoum) මහතා හමු වී ඇත.තවද අමාත්‍යවරයා ජාත්‍යන්තර පොලීසියේ සභාපති ආචාර්ය අහමඩ් නසීර් අල්-රේසි (Ahamed Naser Al Raisi) සහ ඩුබායි පොලිසියේ අණදෙන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අබ්දුල්ලා අල්-මාරි. (Abdullah Al Marri) යන පොලිස් ප්‍රධානීන් ද හමු විය.
මෙම වාර්ෂික හමුවේදී අපරාධ ත්‍රස්තවාදය හා අනෙකුත් තර්ජන වැළැක්වීමේ එකමුතුව සහයෝගයෙන් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් පොලිස් ප්‍රධානීන් අතර සාකච්ඡා කර ඇත.
එසේම ලෝක පොලිස් සමුළු මණ්ඩපය පොලිස් සේවාවේ ගුණාත්මකභාවය උසස් කිරීමට මහගු අඩිතාලමක් ලෙස සැලකේ. ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර නීතිය ක්‍රියාත්මක කිරීමේ සම්බන්ධතා 2021 සිට පැවැති හමු කිහිපයක් ඔස්සේ ශක්තිමත් විය.