වසර ගණනාවක් තිස්සේ කිසිඳු සංවර්ධනයකට ලක්නොවූ නගර සහ ග්‍රාමීය ප්‍රදේශ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව “දැයක් නගන සියක් නගර” සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරුණු ගාල්ල දිස්ත්‍රික්කයේ නගර ජනතා අයිතියට පත්කිරීම පසුගිය 15 වැනිදා සිදුකෙරුණු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ක්‍රියාත්මක සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිවලට ඇතුළත් මෙම ව්‍යාපෘති දකුණු පළාතේ පවතින ඓතිහාසික, පෞරාණික සහ සංස්කෘතික පෙළගැසීම් සහ උරුමයන් ආරක්ෂා කරමින් අග්‍රාමාත්‍යතුමාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කෙරේ.
අග්‍රාමාත්‍යතුමා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ඒ ඒ ස්ථානයන්, පිහිටීම්, හැඩතල ඇතුලු කරුණු රැසක් පෙන්වාදෙමින් එම සියල්ලෙහිම පවත්නා මුල් සම්ප්‍රදායන්, ආවේණික මෙන් ම ප්‍රකාශිත කිසිවක් කිසිදු වෙනසකට ලක්නොවිය යුතු බවට ලබාදුන් උපදෙස් අනුව නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
එම උපදෙස් අනුව යමින් දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක තුනේ නගර 18 ක සංවර්ධන කටයුතු පසුගිය දා ආරම්භ කෙරිණ.
වත්මන් රජය ආරම්භ කළ සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කළ බද්දේගම නගර අලංකරණ ව්‍යාපෘතිය පසුගිය 15 වන දින වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතීඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා විසින් ජනතා අයිතියට පත් කරනු ලැබීය. මෙම වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කය තුළ නගර 05 ක් සංවර්ධනය කෙරේ.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සියක් නගර ව්‍යාපෘතිය යටතේ බද්දේගම නගරය කේන්ද්‍ර කරගනිමින් දියත් කළ සංවර්ධන ව්‍යාපෘතිය අංග 08 කින් සමන්විත වී තිබිණ.
පරිසර හිතකාමි සුවපහසුව නගරයක නවමු අත්දැකීමක් විඳ ගනිමින් අලංකාරවත් නගරයක් ඇති කිරීමේ මුලික පරමාර්ථය යටතේ බද්දේගම නගරය වඩාත් ආකර්ෂණය ලෙස සහ ආරක්ෂිත ලෙස සංවර්ධනය කර තිබේ.
ඒ යටතේ බද්දේගම මංසන්දිය පදික වේදිකා සමඟ සංවර්ධනය කර විධිමත් කිරීම, බද්දේගම ඔරලෝසු කණුව මංසන්ධියේ සිට නාගරික උද්‍යානය දක්වා මාර්ගය දෙපස භූමි අලංකරණය කිරීම, රුක් රෝපණය, නාගරික උද්‍යානය ඉදිරිපිට වූ මතුපිට කාණු පද්දතිය සකස් කීරීම, නාගරික උද්‍යානය ඉදිරිපස විවේක සහ විනෝද පහසුකම් සහිතව සංවර්ධනය කිරීම, මල් බඳුන් සහ මල් පැල මඟින් නගර අලංකරණය කිරීම, ඇවිදීමේ මංතීරු, ඉන්ටර්ලොග්ගල් අල්ලා සැකසීම සහ වීදි අලංකරණය සිදු කිරීම යන සංවර්ධන කටයුතු සිදුකර තිබිණ.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා ප්‍රකාශ කළේ වත්මන් අර්බුදකාරි ප්‍රශ්න සමූහය අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා හෝ මුදල් ඇමතිතුමා ඇති කළ එකක් නොවන බවයි. එය කොරෝනා ලෝක වසංගතය නිසා ඇති වූ අර්බුදයක් බව සියළුම දෙනා දන්නා බව ද රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා විසින් පෙන්වා දෙන ලදී.
“විපක්ෂය අද දකින්නේ ඍණාත්මක දේවල් පමණයි. ධනාත්මක දේවල් දකින්නේ නෑ. අද සංවර්ධනය කෙරෙමින් පවතින මාර්ග කිලෝමීටර් ලක්ෂය ඉක්ම වූ මාර්ග, දුප්පතුන්ට නිවාස සාදා දීම, මුදල් ඇමතිතුමාගේ ආර්ථිකය ශක්තිමත් කිරීම වැනි ධනාත්මක දේවල්. ඇයි මේ වගේ ධනාත්මක දේවල් විපක්ෂ නොදකින්නේ. ඒක සැබැවින්ම කණගාටුවට කාරණයක්. දැයක් නගන - සියක් නගර ව්‍යාපෘතිය යටතේ ගාල්ල නගරයේ ඉතාම සුරපුර නගරයක් වන බද්දේගම නගරයේ ජනතාවට මේ ලැබුණු දේවල් විශාල සහනයක්. මෙම ස්ථානය බද්දේගම අධිවේගී මාර්ගයට පිවිසීමේ දොරටුවයි. මේ කිසිවක් ඉබේ පහළ වුණු දේවල් නෙවෙයි. කවුරුහරි හිතනවා නම් ඒවා ඉබේ පහළ වූ දේවල් කියා ඒ අදහස වැරදියි. මේ අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා සහ මුදල් ඇමතිතුමා එක්ව කළ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලේ දැක්මක් ලෙස තමයි ක්‍රියාත්මක කරන්නේ.” යනුවෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩන්ගොඩ, ගාල්ල දිසාපති ශාන්ත වීරසිංහ, බද්දේගම ප්‍රාදේශීය ලේකම් සත්‍යානන්ද සුබසිංහ, බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේශබන්දු අනුර තෙන්නකෝන්, බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති අනුර බටුවත්ත, නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ අනුර මැදවල, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලලිත් විජේරත්න යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහූ රැසක් සහභාගි වී සිටියහ.
බද්දේගම නගර සංවර්ධනය සඳහා රුපියල් මිලියන 15.7 ක මුදලක් වැයකර තිබිණ. නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය 2021 සැප්තැම්බර් මස ඇරඹූ අතර එය 2021
දෙසැම්බර් මාසයේ දී නිමාවට පත්කර තිබේ. වසර ගණනාවක් තිස්සේ සංවර්ධනයට ලක් නොවූ නගර ඇතුළු ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීහූ සිය ප්‍රසාදය පළ කරති.
ඉදිරියට කරනු ලබන සහ සංවර්ධන කටයුතු නිමවීමෙන් පසු පළාත තුළ සහ ඒ ඒ ප්‍රදේශවල රජය අපේක්ෂා කරන ආර්ථීක, සමාජයීය සහ ජනකොටස්වල දියුණුවත්, ඒ හා සබැදි සියලුම අංශවල
වර්ධනයත් වැඩි දියුණුවීම සිදුවන බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම
සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික
මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මෙම නගර
සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති සිදු කරනු ලබයි.