පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    දෙමටගොඩ දුම්රිය අංගනය ජනපතිගේ නිරීක්ෂණයට

    මාර්තු 17, 2022

    තෘප්තිමත් රැකියාවකට සේවකයන්ට ඉඩ සලසන්න ... ජනපති කියයි.

    Ø බඳවාගැනීමේ පටිපාටිය ගැටලු විසඳීමට උපදෙස් ...

     තෘප්තිමත් රැකියාවකට අවශ්‍ය පසුබිම සියලුම රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සැකසිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

    බඳවාගැනීමේ පටිපාටිවල ඇති ගැටලු හේතුවෙන් උසස්වීම්වල පවතින ප්‍රශ්න කඩිනමින් නිරාකරණය කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

    කොළඹ, දෙමටගොඩ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ඉංජිනේරු ධාවනබල උප දෙපාර්තමේන්තුව සහ මාලිගාවත්ත දුම්රිය අංගනය (16) පෙරවරුවේ නිරීක්ෂණයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    ආයතනයන්හි දෛනික ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා පවතින ගැටලු සහ අවශ්‍යතා පිළිබඳව සේවකයන්ගෙන් තොරතුරු විමසීය.

    දුම්රිය එන්ජින් මැදිරි හා ගැල් පරීක්ෂා කර, සුදුසු පරිදි සකස් කර, ධාවනය සඳහා යොමු කිරීම ධාවනබල උප දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතම කාර්යය වේ.

    එදිනෙදා කළ යුතු අලුත්වැඩියාවන් සිදු කිරීම, වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවන් යාන්ත්‍රික ඉංජිනේරු වෙත නිර්දේශ කිරීම, අලුතින් ධාවනයට එක්වන එන්ජින් හා මැදිරි පරීක්ෂා කර යෝග්‍යතාවය සහතික කිරීම, දුම්රිය මාර්ගයේ සිදුවන දුම්රිය අනතුරු, පීලි පැනීම් හෝ වෙනත් ආපදාවක දී නැවත පීලි ගත කර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීම ආයතනයේ වගකීම් අතර වේ.

    ධාවනයට යොදවන මැදිරිවල ඇතුළත හා පිටත පිරිසිදු කිරීම ඇතුළු සේවාවන් රැසක් ආයතනය මගින් සිදු කෙරේ. කොළඹ පිහිටි ප්‍රධාන ධාවනාගාර 05ක්, අංගන 02ක් සහ කොළඹින් පිට තවත් ධාවනාගාර 15ක් පමණ දෙපාර්තමේන්තුව සතුය.

    පුරප්පාඩු වන කාර්මික ශිල්පී රාජකාරී සඳහා කම්කරු තනතුරේ සේවකයින් යොදාගැනීම හේතුවෙන් සේවකයන් අතර අතෘප්ති කර තත්ත්වයක් උද්ගත වී ඇති බව වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දුන්හ. දක්ෂතා ඇති තරුණ කම්කරුවන් ශ්‍රී ලංකා - ජර්මානු දුම්රිය අභ්‍යාස ආයතනය සහ වාත්තීය පුහුණු ආයතනවලට යොමු කොට, පුහුණු අවස්ථා ලබාදීමට කටයුතු කර ඒ අනුව නිසි උසස්වීම් ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

    ඉන්ධන ප්‍රවාහනය සේම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා දුම්රිය යොදාගැනීමෙන් අත්වන ප්‍රතිලාභ වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දුන්හ.

    අබලන් වූ දුම්රිය මැදිරි අලුත්වැඩියා කෙරෙන දෙමටගොඩ, ආරාමය පාර පිහිටි තන්ත්‍රී ටේලර් (පුද්) සමාගමේ යාන්ත්‍රික අංගනය ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

    අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම්වරු, දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානීහු සහ නිලධාරීහු, වෘත්තීය සමිති නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya