ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග ජය ගැනීමට සහාය වෙමින් අමෙරිකානු ඩොලර් බිලියනක ණය මුදලක් ප්‍රදානය කිරීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇති අතර, එම ණය මුදල දීමට අදාළ ගිවිසුම නවදිල්ලි නුවරදී මාර්තු (17) පස්වරුවේ අත්සන් කළේ ය.
කෙටිකාලීන සහනදායි ණය මුදලක් වශයෙන් ඉන්දීය රාජ්‍ය බැංකුව මඟින් මේ ණය ප්‍රදානය කරන අතර, මෙරටට අවශ්‍ය තිරිඟු පිටි, සීනි, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් එම මුදල් වැය කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල සහ ඉන්දීය රාජ්‍ය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ශ්‍රී පුෂ්කාර් ජා මහත්වරුන් ගිවිසුමට අත්සන් කර තිබෙන බව ඉන්දීය වාර්තා නිවේදනය කරයි.
ඉන්දීය මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය සහ විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ද මේ අවස්ථාවට එක්ව තිබේ.