පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ඉවත් වන ලෙස දන්වා ඇති බවට පළ වන පුවත් සම්පූර්ණ අසත්‍යයක් ...

    මාර්තු 18, 2022

    මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ඉවත් වන ලෙස දන්වා ඇති බවට පළ වන පුවත් සම්පූර්ණ අසත්‍යයක් ...ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ.

    මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කෙරෙහි මාගේ උපරිම විශ්වාසය ඇති අතර, රට මුහුණ දෙන බරපතළ ආර්ථික අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ දී ප්‍රබල ශක්තියක් ලෙස ඔහු ක්‍රියාකරයි. IMF දූත පිරිස, නිලධාරීන් ගැන සාකච්ඡා නොකළ අතර, මහ බැංකු අධිපති කබ්රාල් මහතා ද සහභාගි වූ එම හමුවේ දී සාකච්ජාවට ලක් වූයේ මුල්‍යමය ගැටළු පිළිබඳ පමණි.

    මෙවැනි අසත්‍ය සහ ව්‍යාජ වාර්තා වලින් අධෛර්යයට පත් නොවන ලෙසත්, අප රටේ ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ඔහුගේ සියලු වැදගත් කාර්යයන් අඛණ්ඩව ඉටුකරගෙන යන ලෙසත් මම මහ බැංකු අධිපති කබ්රාල් මහතා වෙත පෞද්ගලිකව දන්වා ඇත.

    (ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ දැනුම් දීමකි.)

    ජනාධිපති මාධ්‍ය අංශය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya