එහිදී මුදල් අමාත්‍යවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ඉහළපෙළේ නිලධාරින් අතර ඵලදායී සාකච්ඡාවක් පැවති අතර දෙරටේ ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කර ගැනීම උදෙසා සුවිසේශී කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කර තිබේ.
මෙම සාකච්ඡාව දෙරටේ ආර්ථික සහයෝගිතා ශක්තිමත් කිරීම සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීමට හැකි වූ සාර්ථක සාකච්ඡාවක් බවත් ඒ සම්බන්ධයෙන් තම කෘතඥතාව පළ කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් පිටුවේ සටහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග ජය ගැනීමට සහාය වෙමින් අමෙරිකානු ඩොලර් බිලියනක ණය මුදලක් ප්‍රදානය කිරීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇති අතර, එම ණය මුදල දීමට අදාළ ගිවිසුම නවදිල්ලි නුවරදී මාර්තු ඊයේ (17) පස්වරුවේ අත්සන් කළේ ය. කෙටිකාලීන සහනදායි ණය මුදලක් වශයෙන් ඉන්දීය රාජ්‍ය බැංකුව මඟින් මේ ණය ප්‍රදානය කරන අතර, මෙරටට අවශ්‍ය තිරිඟු පිටි, සීනි, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් එම මුදල් වැය කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල සහ ඉන්දීය රාජ්‍ය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ශ්‍රී පුෂ්කාර් ජා මහත්වරුන් ගිවිසුමට අත්සන් කර තිබෙන බව ඉන්දීය වාර්තා නිවේදනය කරයි.
https://www.facebook.com/photo?fbid=516684806482413&set=pcb.516684819815745