පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    "ෆියුචර් මයින්ඩ්ස්‌ 2022" ප්‍රදර්ශන මාලාව හෙට ඇරඹේ

    මාර්තු 18, 2022

    සිසු දරුවන්ට උසස් අධ්‍යාපන මං පෙත් විවරකරන "ෆියුචර් මයින්ඩ්ස්‌ 2022" ප්‍රදර්ශන මාලාව හෙට ඇරඹේ

    සිසු දරුවන්ට උසස් අධ්‍යාපන මං පෙත් විවරකරන "ෆියුචර් මයින්ඩ්ස්‌ 2022" ප්‍රදර්ශන මාලාව , මාර්තු මස සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. කොළඹ නාලන්දා විද්‍යාලයීය කනිෂ්ඨ ආදී ශිෂ්‍ය සංගමය විසින් අඛණ්‌ඩව පහළොස්වන වරටත් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශන මාලාව ජාතික අධ්‍යාපනික හා වෘත්තීය මාර්ගෝපදේශන සඳහා මඟපෙන්වන ප්‍රදර්ශනයක් ලෙස හැඳින්විය හැකිය.

    මෙම ප්‍රදර්ශන මාලාවේ පළමු ප්‍රදර්ශනය මාර්තු මස 19 සහ 20යන දිනයන්හිදී ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේදී පැවැත් වේ. දෙවන ප්‍රදර්ශනය ජූනි මස 17 සිට 19 දක්වා කොළඹ බණ්ඩාරානායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සහ අවසන් ප්‍රදර්ශනය මහනුවර සිටි සෙන්ටර් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

    මෙම ප්‍රදර්ශනය නොමිලේ නැරඹීමට සිසුදරුවන්ට සහ දෙමව්පියන්ට අවස්ථාව උදා කර ඇත.ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ දෙස් විදෙස් අධ්‍යාපන ආයතන 150කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය. ප්‍රදර්ශනයට සමගාමීව උසස් අධ්‍යාපන අවස්ථා සහ වෘත්තීය සැලසුම්කරණය පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සඳහා වෘත්තීය මාර්ගෝපදේශන සහ වෘත්තීය උපදේශන සැසි පැවැත්වීමට ''ෆියුචර් මයින්ඩ්” සූදානම් කර ඇති අතර සිසු පරපුරෙහි භාෂා සහ තොරතුරු තාක්ෂණ හැකියාවන් එළිදැක්වීමට මංපෙත් විවර කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya