පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි බලාගාරයෙන් අපේක්ෂීත මෙගාවොට් 35ක ධාරිතාවය ජාතික පද්ධතියට- විදුලිබල අමාත්‍ය

    මාර්තු 18, 2022

    බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි බලාගාරයෙන් අපේක්ෂීත මෙගාවොට් 35ක ධාරිතාවය හැකි ඉක්මනින් ජාතික පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    එම බලාගාර පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා (15) එක්වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

    එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරිය කියා සිටියේ තමා මීට පෙර විදුලිබල අමාත්‍යවරියව සිටි කාලයේ ඉදිකිරීම් ආරම්භ කළ බලාගාරයක්, නැවතත් විදුලිබල අමාත්‍යවරිය වශයෙන් ජාතික පද්ධතියට එක්කිරීමට ලැබීම මහත් භාග්‍යයක් බවයි. වත්මන් රජය බලයට පත්වූ වහාම මෙතෙක් කලක් ප්‍රමාදවූ මෙම බලාගාරයේ වැඩකටයුතු අවසන් කිරීමට පියවර ගනු ලැබූ බවත් එමගින් මේ රටේ ඇති ජල විදුලි අර්බුදයට යම් විසදුමක් ලෙස යොදැගැනීමට හැකියාව තිබෙන බවත් ඇය එහිදී වැඩිදුරටත් පැවසුවාය.

    කැළණි ගඟ ආශ්‍රිතව පොල්පිටිය‍, කිතුල්ගල ප්‍රදේශයේ ස්ථාපිත ලක්ෂපාන සංකීර්ණයේ අවසාන ජලවිදුලි බලාගාරය වන බ්‍රෝඩ්ලනඩ් බලාගාරය, 2013 වසරේදී වැඩ ආරම්භ කළ අතර මේ වනවිට එහි ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිමවී තිබේ. මෙම ව්‍යාපෘතිය සදහා වැයවන ඇස්තමේන්තුගත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 82 කි. ඉදිකිරීම් කටයුතු චීනයේ චයිනා නැෂනල් ඉලෙට්‍රික් සමාගම මගින් සිදුකරන අතර මෙහි විශේෂත්වය වන්නේ උපදේශන හා අධීක්ෂණ කටයුතු දේශීය ඉංජිනේරුවන් අතින් සිදුවීමයි.මෙම බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 35 ක් වන අතර එමගින් වාර්ෂිකව ගිගාවොට් පැය 126 ක් (බලශක්ති ඒකක මිලියන 126 ක්) නිෂ්පාදනය කළ හැකිවේ. එසේ නිපදවන විදුලි බලය, බලාගාරය අසල ඉදිවූ වහරු අංගනයේ සිට කිලෝවොට් 132 දිග ද්විත්ව රැහැන් මාර්ගයක් ඔස්සේ මිටර් 200 ක් පමණ දුරින් පිහිටි පොල්පිටිය - මාලිබොඩ සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය හා සම්බන්ධ කිරීමෙන් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරෙනු ඇත.

    මෙම නිරීක්ෂණ චාරිකාවට පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාධිකා වික්‍රමසිංහ, සබරගමුව පළාත්සභා සභාපති කංචන ජයරත්න‍ යන මහත්ම මහත්මින් ඇතුළු ප්‍රදේශයේ දේශපාලනාධිකාරියත්, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි බලාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya