අමාත්‍යවරයා මෙම අඳහස් පළ කළේ, කිලිනෝච්චි කිරන්චි ගම්මානයේ පවතින ධීවර ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා පසුගිය දා (15) එක්වෙමිනි.
මෙහි දි කිරන්චි ගම්මානයේ වෙසෙන ධීවර සංගම් නියෝජිතයින් පිරිසක් අමාත්‍යරයාට පෙන්වා දෙන ලද්දේ තම ප්‍රදේශයේ ජනතාවගෙන් බොහෝ පිරිසක් ධිවර කර්මාන්තය මූලික කරගෙන තම ජීවිකාව ගෙන යන බවත්,මෑත කාලයක සිට ධීවර කර්මාන්තයෙන් ලැබෙන ආදායමෙන් තම පවුල්වල ආර්ථිකය ගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති අතර එයට යම් සහනයක් ධීවර අමාත්‍යංශය පැත්තෙන් ලබාදෙන ලෙසයි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා; කිරන්චි ගම්මානය මෙන්ම උතුරේ බොහෝ ගම්මාන වල වෙසෙන ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරගන්නා එකම මාර්ගය ධීවර කර්මාන්තය වන අතර මහා සාගරයේ සිදු කරන ධීවර කර්මාන්තයට අමතරව පොකුණු වල සිදුකරන මත්ස්‍ය වගාවෙන් ද ඉහළ ආදායමක් ලබාගත හැකි බව කීය. ඊට දායක වීමට නිවසේ සිටින ගෘහණියට ද අවස්ථාවක් පවතින බැවින් දැනට උතුරේ බොහෝ ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන පොකුණුවල මුහුදු කූඩැල්ලන් වගා ක්‍රමය කිරන්චි ගම්මානයටද හඳුන්වා දීමට පියවර ගන්නා බවත්, ඒ මගින් ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමට පිටුවහලක් වන බවත්, තමන් මෙම අමාත්‍යංශයට පැමිණි කාලයේ සිට මේ දක්වා උතුරේ ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීමට පියවර ගත් අතරම ඉදිරි කාලයේ ද ඒ වෙනුවෙන් ලබා දිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බව වැඩිදුරටත් පැවසීය.