1927 වසරේ දී ආරම්භ වී 1992 වර්ෂයේ දී සම්පාදනය අවසන් කෙරුණු සිංහල - සිංහල ශබ්දකෝෂය, සංශෝධනය කොට ප්‍රතිමුද්‍රණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ නිකුත් වන එහි සත්වන කලාපය මෙයයි.
මාලිගාකන්ද විද්‍යෝදය පරිවේණාධිපති, රාජකීය පණ්ඩිත, අතිපූජ්‍ය බලංගොඩ සෝභිත නාහිමිපාණන් මුලසුන හොබවන මෙම උත්සවයට ජාතික උරුම, ප්‍රසංගකලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ මහත්මිය ද සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ, සම්මානිත මහාචාර්ය රෝහිණී පරණවිතාන මහත්මිය ඇතුළු වෙනත් විද්වත්හු රැසක් ද සහභාගී වෙති.