පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    ඉන්ධන හා ගෑස් ලබා ගැනීමේ දි සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන්ට ප්‍රමුඛතාව දෙන්න යැයි සංචාරක ඇමතිගෙන් ඉල්ලිමක්

    මාර්තු 19, 2022

    ඉන්ධන හා ගෑස් ලබා ගැනීමේ දි සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන්ට ප්‍රමුඛතාව ලබා දීම සදහා අවශ්‍ය පියවර ගන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විෂයභාර ඇමතිවරුන්ගෙන් ඉල්ලයි.

    මේ පිළිබද ව ඉන්ධන හා ගෑස් අලෙවි මධ්‍යස්ථාන දැනුවත් කරන ලෙස ද ඇමතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටි. මේ වසර තූළ දි සංචාරකයන් 235,000 කට ආසන්න පිරිසක් මේ දක්වා රටට පැමිණ ඇති බැවින් සංචාරකයන් 50,000 කට ආසන්න පිරිසක් රට තුළ සිටිනු ඇතැයි අපේක්ෂා කරන බව පවසන ඇමතිවරයා රටට විදේශ විනිමය උපයන සංචාරක කර්මාන්තය ඉදිරියට ගෙනයාම සදහා සහයෝගය ලබාදීම ජාතික අවශ්‍යතාවයක් බව ද පෙන්වා දෙයි.

    මේ තත්ත්වය සැලකිල්ලට ගෙන සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක සේවා සපයන ආයතන හා පුද්ගලයන් වෙත ඉන්ධන හා ගෑස් ලබාදීමේ දි ප්‍රමුඛතාව ලබාදීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හා ගෑස් සමාගම් හරහා අවස්ථාව සලසන ලෙස ද ඇමතිවරයා ඉල්ලා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya