අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරනු ලබයි.
පරිසර හිතකාමී, සුව පහසු නගරයක නව අත්දැකීමක් විදගනිමින් අලංකාර නගරයක උරුමය ලැබීම යන තේමාව යටතේ සංවර්ධනය කළ අම්බලන්ගොඩ නගරය පසුගිය දා වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතීඥ මොහාන් ප්‍රිදර්ශන ද සිල්වා මහතා විසින් ජනතා අයිතියට පත්කරන ලදි. නගරය තුළ මෙතෙක් පැවති අඩුපාඩුකම් සපුරමින් සංවර්ධනය කළ අම්බලන්ගොඩ නගරය සංස්කෘතික සේම සංචාරක නගරයක් ද වෙයි.
නාගරික භූමි අනන්‍යතාවය රකිමින් අලංකාර ලෙස සංවර්ධනය කිරීම යන තේමාව යටතේ මහා භාණ්ඩාගාරය විසින් ලබාදුන් රුපියල් මිලියන 15.73 ක වියදමකින් මාස 06 ක දී මෙහි වැඩකටයුතු නිමකර තිබිණ.
අංග 08 ක් යටතේ පෙළගස්වා තිබු සංවර්ධන කටයුතු අතර නාගරික භූමියේ පදික මාර්ග වැඩිදියුණු කිරීම, රේඛීය උද්‍යානයේ මාර්ගය දෙපස අලංකාර ලෙස සකස් කිරීම, අපද්‍රව්‍ය කාණු පද්ධතිය නිවැරදිව සැකසීම, නගර වටරවුම සහ අතහැර දැමු ඉඩකඩ සහ ඉඩම් අලංකරණය කිරීම, අනන්‍ය නගර පිවිසුමක් ගොඩනැගීම, කුඩා දරුවන්ට බෝට්ටු පැදීමට අංගනයක් සමඟ කුඩා ජල තටාකයක් ඉදිකිරීම, මාදම්පා ගඟ ඉවුර විවෘත භූමියක් ලෙස ගොඩනැගීම, රොබරෝඩියා, මගුල් කරද ඇතුළු විවිධ මල් සහ ගස් වර්ග සිටුවීම යන සංවර්ධන කටයුතු අවසන් කර තිබිණ.
අම්බලංගොඩ කළපුව මුහුදට වැටෙන ස්ථානයේ පාලම අසල අම්බලන්ගොඩ නගර අනන්‍යතාව ප්‍රදර්ශනය කරමින් විශාල වෙස් මුහුණක් යකඩවලින් තනා තිබිම මෙහි දක්නට ලැබුණු විශේෂත්වයකි.
ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් මෙන්ම විදේශිකයින්ගේ දැඩි ලෙස ආකර්ෂණය දිනා ගත් අම්බලන්ගොඩට උරුම රූකඩ කලාව විදහා දැක්වෙන සැලසුම ද ඉපැරණි හෙළ ශාන්තිකර්ම කලාව ගැන පුළුල් අවබෝධයක් ලබාදීමට සමත්ව සිටියි. අම්බලන්ගොඩ ජනතාව පමණක් නොව විදෙස් සංචාරකයින් ද අම්බලන්ගොඩ නගරය මෙසේ සංවර්ධනය කිරීම ගැන සිය ප්‍රසාදය පළ කර සිටී. සංවර්ධනයට ලක්කළ භූමිය ප්‍රාදේශීය සභාවේ අනුමැතිය තුළින් වෙන්කර තිබූ අතර මාර්ග සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව එහි හිමිකාරිත්වය දරයි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මෙම නගර සංවර්ධන කටයුතු සිදුකර තිබේ.