මෙහිදී අපරාධ හා ත්‍රස්තවාදී අනතුරු මැඩලීම, නීතිය ක්‍රියාත්මක කිරීම වර්ධනය කිරීම යන මාතෘකා ප්‍රධාන වශයෙන් සාකච්ඡාවටයොමු විය.
තලේබාන්වරුන් 2021අගෝස්තු මස 15 වන දින ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසුව ඉන්දීය සාගර කලාපයේ සිදුවනමත්ද්‍රව්‍ය හා අවි ජාවාරම් වර්ධනය වී ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා මෙහිදී පෙන්වා දෙන ලදී. මේසම්බන්ධයෙන් ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට සුදුසු බව ජාත්‍යන්තර පොලිස් ප්‍රධානී ආචාර්ය අහමඩ් නසාර් අල් රෙයිසි මහතා පෙන්වා දී තිබේ.
පාස්කු ප්‍රහාරයෙන් පසුව ජාත්‍යන්තර පොලීසිය මගින් ලංකාවට ලබාදුන් සහයෝගය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ස්තුතියපළ කළ අතර මෙම පර්යේෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර පොලීසිය මගින් ලියොන් හා සිංගප්පූරුව වෙතින් දේශීය ආයතන හා එක්වක්‍රියාත්මක කිරීමට මෙරටට එවන ලද කණ්ඩායම් විසින් සිදුකරන ලද සේවාව පිළිබඳව ස්තූතිය පළ කළේය.
ශ්‍රී ලංකා පොලිසියේ සයිබර් කටයුතු ඉහළ නැංවීමට, ත්‍රස්තවාදී හා අන්තවාදී තර්ජන හඳුනා ගැනීමට, නීතිය ක්‍රියාත්මක කිරීමේදීඑක්ව සහයෝගයෙන් කටයුතු කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණ.