අග්‍රාමාත්‍යතුමා පිළිගැනීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්මේන්තුවේ නිලධාරීන්ගේ උත්තමාචාරයක් සහ ගිනි නිවීම් රථ පෙළපාලියක් ද මීට සමඟාමීව පැවැත්විණි.
අග්‍රාමාත්‍යතුමා මෙහි දී මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 14ක ප්‍රධානීන්ට ගිනි නිවීමේ සහ ආපදා රථ බෙදා දුන්නේය.
ගිනි නිවීම් රථ, ඉනිමං සහිත ගිනි නිවීම් රථ, ජීවිත හා දේපල බේරා ගැනීමේ රථ, අති නවීන සන්නිවේදන රථ, ජල විදින රථ ඒ අතර විය. කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක, කෝට්ටේ නගරාධිපති අයි. එම්. යූ. ප්‍රේමලාල්, දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ, හම්බන්තොට නගරාධිපති ගාමිණී ශ්‍රියානන්ද, මහනුවර නගරාධිපති කේසර සේනානායක, දෙහිවල ගල්කිස්ස නගරාධිපති ස්ටැන්ලි ඩයස්, බණ්ඩාරවෙල නගරාධිපති ජානක නිශාන්ත, මීගමුව නගරාධිපති දයාන් ලන්සා, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, කෑගල්ල නගර සභාවේ සභාපති යූ. කේ. සමරසිංහ, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී. ආර්. උඩවත්ත, දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික ජයසිංහ, මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. අයි.එම්. ඉසදීන් මහත්ම මහත්මීහු විසින් මෙහිදී අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් ගිනි නිවීමේ සහ ආපදා රථවල යතුරු භාරගනු ලැබූහ.
රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක , රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ, ඩී.වී. චානක, සිරිපාල ගම්ලත්, රොෂාන් රණසිංහ, කනක හේරත්, තාරක බාලසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, ප්‍රේමනාත් සී දොලවත්ත, මධුර විතාන, රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එම්. එම්. බී. වීරසේකර, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග, කොළඹ නාගරික කොමසාරිස් රෝෂණී දිසානායක මහත්ම මහත්මීහු සහ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.