යුද්ධය හේතුවෙන් වැසී ගිය ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා (20) පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
1950 වර්ෂයේ ආරම්භ කළ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී යුද ගැටුම් හේතුවෙන් 1990 දී වසා දැමිණි. මෙම කර්මාන්ත ශාලාවට අක්කර 728ක භූමි ප්‍රදේශයක් අයත් වුවත් අද වන විට එම භූමියේ බොහෝ ප්‍රදේශ ජනාවාස බවට පත්ව තිබේ.
2021 පෙබරවාරි 08 වැනිදා ගත් කැබිනට් මණ්ඩල තීන්දුවට අනුව ඉදිරි සංවර්ධන කටයුතු සඳහා කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ප්‍රයෝජනයට ගත හැකි ගොඩනැගිලි පමණක් ඉතිරි කොට අනෙකුත් ගොඩනැගිලි විනාශ කර දැමීමට තීරණය විය. අදාළ ගොඩනැගිලිවලින් සියයට 80ක් පමණ නැවත ප්‍රතිසංස්කරණය කොට ප්‍රයෝජනයට ගත හැකි බව මේ වන විට අනාවරණය වී තිබේ. ඒ සම්පත් ද භාවිත කරමින් කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ගොඩනැගීම රජයේ ඉලක්කය වී තිබේ.