ඉන්දුනීසියාවේ බාලි හි දැන් පැවැත්වෙන144වන අන්තර් පාර්ලිමේන්තු සංගම් සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන හා ශානක්‍යන් රාසමානික්කම්, පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගී වෙති.
මාර්තු 20 ඉරිදා ආරම්භ වූ සැසිවාරය 25 වනදා තෙක් පැවැත්වේ.
මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහසමුළු දේශනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පවත්වන අතර මෙවර අන්තර් පාර්ලිමේන්තු සංගම් සැසිවාරයේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ගනු ලබන ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම්, ගෝලීය සාමය සහ ආරක්ෂාව පිළිබඳ ස්ථාවර කමිටු සාකච්ඡාවන් සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහභාගීවීමටනියමිතය.