පසුගිය සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට ඉදිරියේ දී සිදු විය හැකි බව ප්‍රවාහන අමාත්‍යවරයා විසින් පසුගිය දා සඳහන් කළ බව රමේෂ් පතිරණ අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඉ
දිරි දිනවල දී මෙරට ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම විසඳේවි යැයි බලාපොරොත්තු වන බවත්, ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබෙන ගෑස් නැව් දෙක නිදහස් කර ගැනීමට අදාළ ණයවර ලිපි මේ වන විට නිකුත් කර අවසන් කර ඇති බවත්, ඒ අනුව ඉදිරි දින වල දී උද්ගත වී ඇති ගෑස් සම්බන්ධ ගැටලුව නිරාකරණය කර ගැනීමට හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවේය.
මෙම සියලු කාර්යයන් එකට එක් වී ඇත්තේ ඩීසල් මිල හා ඉන්ධන මිල සම්බන්ධ කාරණයට බවත්, රජය විසින් පවත්වාගෙන යන දුම්රිය දෙපාර්තමේන්තුව, ගමනාගමන මණ්ඩලය, ඛනිජ තෙල් නිතිගත සංස්ථාව හා විදුලි බල මණ්ඩලය සියල්ලම ආයතන ලෙස බරපතල ලෙස පාඩු ලබන තත්ත්වයට පත් ව ඇති බවත්, යම් කිසි අවස්ථාවක මෙම පාඩුව දරාගැනීමට සිදුවන්නේ රටේ ජනතාවට බවත් එමෙන්ම මෙම ආයතන අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉතාම හොඳ මුල්‍ය තත්ත්වයක් ළඟා කර දීම සම්බන්ධව සෑම පුද්ගලයෙකුම දුරදර්ශිව කටයුතු කළ යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ඒ අනුව, මෙකි ආයතන වලින් සහන මිලට ජනතාවට සේවා ලබා දීමට කටයුතු කරනවා මෙන්ම, ආයතනය ආරක්ෂා කර ගැනීම යන කරුණු දෙකම තුලනය වන ලෙස කටයුතු කිරීමට ද අවශ්‍ය බව හෙතෙම මෙහි දී ප්‍රකාශ කළේය.