ඔහු මේ බව පැවසුවේ අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කරුණු දක්වමිනි.
කෘෂිකර්මාන්තය පිලිබද විශේෂඥ දැනුමක් ඇති චීනයේ මෙම ආයතනය සමග 2017 වසරේදී අවබෝධතා ගිවිසුමකට එළඹ ඇති බවද, නැවත එම ගිවිසුම යථාවත් කිරීම පිණිස සහ එම වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙමගින් දෙරට අතර කෘෂි යන්ත්‍රෝපකරණ පිළිබද විශේෂඥ දැනුම හුවමාරු කරගැනීම, පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ කෘෂි යන්ත්‍රෝපකරණ ආදර්ශ මධ්‍යස්ථාන පිහිටුවීම ඇතුළු වැඩසටහන් කිහිපයක්ම සැලසුම්කොට ඇතැයිද එම වැඩසටහන් ඉදිරියටත් කරගෙන යාමට මෙම ව්‍යාපෘතිය නැවත අලුත් වීමෙන් අවස්ථාව උදාවෙන බවද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේය.