නවීණ ලෝකයේ ත්‍රස්තවාදී තර්ජනවලට ගැලපෙන සහ පුද්ගල ඓතිවාසිකම් ආරක්ෂා වන නව ත්‍රස්තවාදී පනතක් ඉදිරියේදී ගෙන ඒමට අද ඉදිරිපත්කරන පනත මඟින් අවස්ථාව ලැබෙනු ඇති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේ පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිණි.
වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, අද දෙවන වර ඉදිරිපත් කරන මෙම පනත අංග සම්පූර්ණ පනතක් නොවන බවයි. එහෙත් මෙම පනතේ යම් යම් සාධනීය ලක්ෂණ රැසක් ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් තාරක බාලසූරිය අමාත්‍යවරයා පැවසුවේ,
"පසුගිය වසර 5 තුළ පැවති රජය 2/3 බලයක් තිබුණද කිසිදු නව පනතක් ගෙනාවේ නැහැ. මෙය අංග සම්පූර්ණ පනතක් නොවන බව මා පිළිගන්නවා. එහෙත් තිබෙන පනතට වඩා යම් සාධනීය ලක්ෂණ මෙම නව පනතේ ඇති බවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවා පිළිගන්නවා. තිබෙන පනතට වඩා යම් සාධනීය මට්ටමක් මෙම පනතේ තිබෙනවා . නවීන ලෝකයේ ත්‍රස්තවාදී තර්ජන විවිධ විදියට එන්න පුළුවන්. අද වන විට යුධමය තත්වයන් විවිධාකාරයෙන් වෙනස්. 1978 සිට පැවත එන මෙම පනත දැන් පැරණියි.මෙම නව පනතින් මානව හිමිකම් ආරක්ෂා වෙනවා. එහෙත් විපක්ෂය එය පිළිනොගැනීම සම්බන්ධයෙන් මා කණගාටුවෙනවා''