ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍ය වේදියෙකු විසින් නඟන ලද පැනයකට පිළිතුරු වශයෙනි.
ඒ අනුව, යම්කිසි පිරිසක් සංවිධානාත්මක ලෙස තමන් සතු පෙට්‍රල් තොග බෙදාහැරිමකින් තොරව ළඟ තබා ගෙන සිටින්නේ ද යන්න පිළිබඳව පසු විපරමක් කිරීමටත්, ක්‍රමානුකුලව පෙට්‍රල් බෙදාහැරීමේ යාන්ත්‍රණය නියාමනය කිරීමටත් ආරක්ෂක අංශ වල සහය ලබා ගැනීමට මෙම තත්ත්වය පරිවර්තනය වී ඇති බවත් හෙතෙම මෙහි දී ප්‍රකාශ කළේය.
ණයවර නිකුත් කිරීමට නොහැකි වීම නිසා පසුගිය දින දෙකක තුළ මෙරට ඩීසල් හිඟයක් තිබෙන නමුත් මෙරටට අවශ්‍ය ප්‍රමාණවත් පෙට්‍රල් තොග ඉතාම පැහැදිළිව තිබෙන බවත්, නමුත් ඇතැම් පෙට්‍රල් නිෂ්පාදන නිකුත් කරන සමාගම් විසින් ඇතැම් ෂෙඩ් වසා දැමීමට කටයුතු කර ඇති බවත්, එහෙත් මෙරට ඩීසල් හිඟයක් තිබුණත් පෙට්‍රල් තොග සියලු ෂෙඩ් සඳහා ලබා දී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉතාම පැහැදිළිව ප්‍රකාශ කර ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.
එමෙන්ම, වත්මන් රජය බලයට පත්වීමත් සමඟ ගත වූ අවුරුදු දෙකක කාලය තුළ උද්ඝෝෂණ වලට වෙනම ස්ථානයක් ලබා දීමටත්, පැවැත් වූ උද්ඝෝෂණවල දී පවා ආරක්ෂක අංශ ඉතාමත් සංයමයෙන් යුතුව කටයුතු කළ අතර කිසිඳු උද්ඝෝෂකයෙකුට එකඳු බැටන් ප්‍රහාරයක් හෝ ජල ප්‍රහාරයක් සිදු කර නොමැති බවත් පැවසූ අමාත්‍යවරයා, උද්ඝෝෂණ කරුවන්ට තම උද්ඝෝෂණය සිදු කිරීමට අවස්ථාව දෙනවා මෙන්ම ප්‍රජාතනත්‍රවාදී රජයක් ලෙස ඇතැම් රාජ්‍ය ආයතන ආරක්ෂා කිරීමේ වගකීම ද මෙම ආරක්ෂක අංශ වලට තිබෙන බවත් ආරක්ෂක අංශ විසින් කිසිදු ලෙසක නීතිය අවභාවිතා නොකරන බවත් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.