ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (21) කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු දක්වමිනි.
පළමු වතාවට වී අලෙවි මණ්ඩලට මෙට්‍රික් ටොන් 70,000ක ප්‍රමාණයකට යාමට හැකිවූ බවද සහල් සඳහා පාලන මිලක් ගෙන එන ලෙස තමා කැබිනට් මණ්ඩලයට යෝජනා කරන බවද
අමාත්‍යවරයා සදහන් කළේය.
රජය සතුව පවතින සහල් සියල්ල අලුත් අවුරුද්ද සඳහා අප්‍රේල් 01 වනදා සිට වෙළදපොලට නිකුත් කරන අතර යම් සහල් ප්‍රමාණයක් ආනයනය කිරීමටද ආණ්ඩුව අපේක්ෂා කරන බව
අමාත්‍යවරයා පැවසුවේය.
ඒ අනූව රජය සතුව පවතින සහල් සංචිත මෙන්ම ආනයනය කරන සහල් ද පාලන මිලකට යටත්ව ලබාදීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.