රට මුහුණ පා ඇති වර්තමාන අභියෝග සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
අභියෝග හමුවේ රටේ සංවර්ධනය නතර නොකිරීම රජයේ ප්‍රතිපත්තිය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එන අභියෝගවලට මුහුණ දෙමින් රටත් ජනතාවත් ඉදිරියට ගෙන යන බව අවධාරණය කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ;
''පසුගිය රජය ගිනි පොළියට සවරින්ග් බොන්ඩ් ගත් නිසා අද මෙම අර්බුදයට රට මුහුණ දෙනවා. මෙම රටේ ආර්ථික වේගය අන්තිම අගයකට ගේන්න ගිය රජය කටයුතු කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට දේශපාලනීකරණය නොකර ඉතාමත් දක්ෂ ලෙස මෙම අභියේගයට මුහුණ දෙනවා. මේ රටේ ජනතාවගේ කුස අපි පුරවනවා. මෙම අභියෝග වලට මුහුණ දීලා රට ජයග්‍රහණය කරවනවා.