විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් ලේකම්වරිය පිළිගනු ලැබීය. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය මාර්තු 22 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරක නිරතවනු ඇත.
උප ලේකම් නුලන්ඩ් මහත්මිය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කලාපීය සහ ද්විපාර්ශ්වික ප්‍රතිපත්තිමය ගැටළු පිළිබඳව අධීක්ෂණය කරයි.
මෙම සංචාරයේ දී උප ලේකම් නුලන්ඩ් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ
මහතා හමුවීමට නියමිතය.
විදේශ අමාත්‍ය ජී. එල්පීරිස් මහතා සහ උප ලේකම් නුලන්ඩ් මහත්මිය විසින් 2022 මාර්තු 23 වැනි බදාදා විදේශ අමාත්‍යාංශයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා - එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේ 4 වැනි සැසිවාරයේ සම සභාපතිත්වය දරනු ඇත. ඊට අමතරව උප ලේකම් නුලන්ඩ් මහත්මිය කොළඹ වරායෙහි සංචාරයක යෙදී, ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් සමාජය ද හමුවීමට නියමිතය.
ශ්‍රී ලංකා - එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදය අවසන් වරට පවත්වන ලද්දේ 2019 වසරේ වොෂින්ටන් ඩී.සී. හි දීය. මෙම හවුල්කාරිත්ව සංවාදය ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කිරීම සහ ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සහයෝගීතාවය සහ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන මාර්ග ගවේෂණය කිරීම සඳහා වැදගත් වේදිකාවකි.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා සහ ඉන්දු-පැසිෆික් ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ඇමැන්ඩා ඩෝරි මහත්මිය මෙම සංචාරයේ දී උප ලේකම් නුලන්ඩ් මහත්මිය සමඟ එක්වනු ඇත.