පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දීර්ග කාලීන සහ කෙටි කාලීන ක්‍රම මගින් පොල් වගාව දියුණු කිරීම රජයේ ඉලක්කය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, සංකල්ප කිහිපයක් යටතේ පොල් වගාව දියුණු කිරීම මේ වන විට ආරම්භ කර ඇතැයිද කීය. ඉදිරි වසරේදී ඩොලර් බිලියන 02ක අදායමක් පොල් අපනයනයෙන් මෙරටට ලබා දීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය
වගා කරුවන්ට පොල් කර්මාන්තයෙන් වැඩි ආදායමක් පසුගිය වසර කිහිපයේ ලැබූ බව පෙන්වා දුන් රාජය අමාත්‍යවරයා, අලුත් පොල් පැල ඉදිරියේ දි සිටුවීමට බලාපොරොත්තු වන බවත් තැඹිලි වගාව දියුණු කිරීමට කටයුතු කරන බවද කීය. පොල් කර්මාන්තකරුවන් මෙන්ම පරිභෝජනය කරන්නන්ද ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පැවසීය.