ක්ෂුද්‍ර මූල්‍ය මූල්‍ය ආයතන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාම්මිල් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජනතාව තවමත් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන කෙරෙහි ආකර්ෂණය වීමක් දක්නට ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, සමෘද්ධි බැංකු පද්ධතිය තුළ සාමාජිකත්වය ගෙන එයට සම්බන්ධ වෙමින් ජනතාවට සිය මූල්‍ය පහසුකම් ඉටු කරගන්නා ලෙස ඉල්ලා සිටියේය.
වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන්ද අදහස් දැක් වූ ශෙහාන් සේමසිංහ අමාත්‍යවරයා පැවසුවේ , විදේශ විනිමය තත්ත්වය ශක්තිමත් වු පසු වාහන ඇතුළු අනෙකුත් භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි. අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ජනතාවට සැපයීම සම්බන්ධයෙන් මේ වන රජයේ මූලික අවධානය යොමූ වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.