පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ අට මහල් වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට

    මාර්තු 24, 2022

    රුපියල් මිලියන 1,906 ක වියදමින් ඉදිකළ බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ අට මහල් වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට

    බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ අලුතෙන් ඉදිකරන ලද අට මහල් වාට්ටු සංකීර්ණය (24) ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයට, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා ඇතුළු මැති ඇමතිවරු සහභාගී වෙති.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ආයුර්වේද රෝහල් පද්ධතිය නූතනයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව අදියර තුනක් (03) යටතේ මෙම සංවර්ධනය ව්‍යාපෘතිය ආරම්භ විය.

    ප්‍රථම අදියර ලෙස රුපියල් මිලියන 200 ක වියදමින් ඉදිකළ පස්මහල් බාහිර රෝගී අංශය 2008 වර්ෂයේදී ජනතා අයිතියට පත් කෙරුණි. දෙවන අදියර යටතේ රෝගීන් 360 දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර ලබා ගත හැකි මෙම වාට්ටු සංකීර්ණය ඉදි කරනු ලැබීය.

    රුපියල් මිලියන 1,906 ක ආයෝජන වටිනාකමක් ඇති ව්‍යාපෘතිය ශල්‍ය වාට්ටු, පොරොත්තු වාට්ටු, සහ කාන්තා රෝග වාට්ටුවලින් සමන්විතය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයුර්වේද ජාතික රෝහල වන මෙහි කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය සහ යුනානි උපාධිය හදාරණ සිසුන් ඇතුළු ශ්‍රී ලංකාවේ සියලු විශ්වවිද්‍යාලවල ආයුර්වේද හා යුනානි උපාධිය හදාරණ උපාධි අපේක්ෂකයන්ට සීමාවාසික පුහුණුව සැපයේ.

    ජාතික සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් විශාල මෙහෙවරක නිරත මෙම රෝහල් සංකීර්ණය වෛද්‍යවරු 120 දෙනෙක් සමග හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයකින් සමන්විතයි.

    මොහාන් සමරනායක
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya