මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තුවේ සභා නායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (22) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.
විශේෂයෙන්ම මෙම කාරක සභාව සඳහා දේශපාලන පක්ෂ කිහිපයක් නියෝජනය කරමින් සාමාජිකයින් සහභාගී වූ අතර එම සාමාජිකයින්ගේ අදහස වූයේ මේ සඳහා උපදෙස් ලබාගැනීමට පත් කළ විශේෂඥ කමිටුවේ සාමාජිකයින්ගේ අදහස් තවදුරටත් ලබාගැනීම වඩාත් සුදුසු බවයි. මේ අනුව විශේෂඥ කමිටුවේ අදහස් තවදුරටත් ලබාගෙන එළඹෙන අප්‍රේල් 7 වන දා මෙම විශේෂ කාරක සභාව නැවත රැස්වීමට තීරණය කෙරුණි.
මෙම විශේෂ කාරක සභාව සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, රංජිත් මද්දුමබණ්ඩාර, විමල් වීරවංශ, රවුෆ් හකීම්, කබීර් හෂීම්, එම්.ඒ. සුමන්තිරන්, මනෝ ගනේෂන්, මධුර විතානගේ යන මහත්වරු සහ මෙම විශේෂ කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහභාගී වූහ.