රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මහජනතාවට රාජ්‍ය ආයතන තොරතුරු ලබාදීමේ පැය 24 පුරා ක්‍රියාත්මක පුළුල් ඩිජිටල් සේවාවක් බවට පත්කෙරේ.
ඒ අනුව මෙතක් පැවති 1919 කෙටි දුරකථන අංකය හරහා රාජ්‍ය තොරතුරු ලබාදීමට අමතරව ක්ෂණික පණිවිඩසේවා ( Instant Messenger,) , වෙබ්-විජට් පහසුකම් , (Web-Widgets) ෆේස්බුක් සහ විද්‍යුත් තැපෑල වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහා අඛණ්ඩව සේවා සැපයීම සිදුකෙරේ .
විදේශයන්හි සිට තොරතුරු විමසීම දුරකථන අංක 0114191919.මගින්ද සම්බන්ධ විය හැකිය . සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂාවලින් විමසුම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රවීණ නියෝජිත කණ්ඩායමක් යොදවාතිබේ .මෙම රජයේ තොරතුරු මධ්‍යස්ථානය (GIC1919) ක්‍රියාත්මක කිරීම සහ කළමනාකරණය කිරීම සදහා ඩයලොග් ( Dialog Networks (Pvt) Ltd ) ආයතනය සමඟ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා සිදුකෙරිණ .තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනේයේ සභාපති ඕෂද සේනානායක (
ICTA ) සහ ඩයලොග් ආයතනයේ (Dialog Axiata PLC) සමුහ ප්‍රධාන විධායක නිලධාරි සුපුන් වීරසිංහ මෙම අවබෝදතා ගිවිසුමට අත්සන් තැබුහ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් 2006 අගෝස්තු මාසයේදී මෙම රාජ්‍ය තොරතුරු මධ්‍යස්ථානය (GIC1919) ආරම්භ කරනලදී . රාජ්‍ය තොරතුරු හා ඔවුන්ගේ මහජන සේවාවන් පිළිබඳ නිවැරදි තොරතුරු මහජනතාවට පහසුවෙන් ලබාදීම මෙම සේවාවේ අරමුනවිය. ඒ අනුව වාර්ෂිකව මිලියන 1.8 පමණ ජනතාවක් මෙම සේවාවෙන් රජයේ තොරතුරු ලබා ඇතිබව වාර්තාවේ. ලැයිස්තුගත රාජ්‍ය ආයතන 300කට අධික සංඛ්‍යාවක තොරතුරු මෙමගින් ලබාගැනීමේ ගැනීමේ හැකියාව තිබේ . තොරතුරු බෙදා හැරීම වැඩිදියුණු කිරීම මගින් , රාජ්‍ය සේවා ලබා
ගන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු , උපකාරක කවුළු මෙන්ම ඒ සදහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි සම්බන්ධතා මෙන්ම තොරතුරු ලබාදීම පුහුණු නියෝජිතයන්, මගින් ද සිදුකෙරේ. වැඩිදියුණු කරන ලද රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මඟින් දුරකථන, ජංගම දුරකථන, සමාජ මාධ්‍ය සහ වෙබ් යෙදුම් ඇතුළු හා ඩිජිටල් ආධාරක නාලිකා හරහා පුරවැසියන්ට පහසුවෙන් බාධාවකින් තොරව සේවාවන් ලබා දෙනු ඇත.පහත ඩිජිටල් වේදිකා මගින් තොරතුරු වෙත පිවිසිය හැකියි .
අන්තර්ජාතික ඇමතුම්: +94 114 191919
වෙබ් චැට් : www.gic.gov.lk
දුරකථන ඇමතුම් :1919
ඉ මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සමාජ මාධ්‍ය :
Facebook - https://www.facebook.com/GovInfo1919
Twitter - https://twitter.com/gic1919
LinedIn - https://www.linkedin.com/in/gic1919/
YouTube - https://www.youtube.com/user/gic1919