දේශීය භාණ්ඩ සැපයුම් ක්ෂේත්‍රයක් තුළ කැපීපෙනන කාර්යයක නිරත ශ්‍රී ලංකා කාර්ය උපාය සහ ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහකයන්ගේ සංගමය (SLFFA) එම ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා සුවිශේෂී කර්යභාරයක් ඉටු කළ පාර්ශවකරුවන් ඇඟයීම සහ ක්ෂේත්‍රයක් ලෙස ලැබූ ජයග්‍රහණ සැමරීම අරමුණු කර ගනිමින් මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබිණි.
ශ්‍රී ලංකා කාර්ය උපාය සහ ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහකයන්ගේ සංගමයේ (SLFFA) සභාපති දිනේෂ් ශ්‍රී චන්ද්‍රසේකර මහතා විසින් සම්මාන ප්‍රදානෝත්සවයට පැමිණි අග්‍රාමාත්‍යතුමා පිළිගන්නා ලදි.
ප්‍රධාන කාණ්ඩ 6ක් යටතේ සම්මාන 40කට අධික සංඛ්‍යාවක් මෙහි දී ප්‍රදානය කෙරුණු අතර Legend of logistics සම්මානයට පාත්‍රවන මොහාන් පණ්ඩිතගේ, රොහාන් ද සිල්වා, ආචාර්ය පරාක්‍රම දිසානායක, හනිෆ් යූසුෆ් සහ ඩිරේන් හැලොක් මහත්වරුන්ට අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් එම සම්මාන පිරිනැමිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ශ්‍රී ලංකා කාර්ය උපාය සහ ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහකයන්ගේ සංගමයේ (SLFFA) සභාපති දිනේෂ් ශ්‍රී චන්ද්‍රසේකර මහත්වරු සහ SLFFA සංගමයේ සාමාජිකයෝ පිරිසක් එක්ව සිටියහ.