නාගරික සංවර්ධන අමාත්‍යංශයේ නාගරික සංවර්ධන අධිකාරිය 2021 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය දිවයින පුරා නගර 114ක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වේ.අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙවැනි නගර 09ක මේ වන විට ඉදිකිරීම් සිදු කර අවසන් අදියරට පැමිණ තිබේ.එහි පළමු ව්‍යාපෘතිය ලෙස තිරප්පනය නගරයේ ඉදි කළ රථ වාහන නැවතුම සහ භූ දර්ශන ව්‍යාපෘතිය මේ වන විට ජනතා අයිතියට පත් කර ඇති අතර, තුරුසෙවන විවේක හා විනෝද කටයුතු සංවර්ධන ව්‍යාපෘතිය නුදුරේදීම ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
මෙම යෝජිත භූදර්ශන හා රථවාහන නැවතුම වෙනුවෙන් රුපියල් මිලියන 16.8 ක් හා තිරප්පනය “තුරු සෙවන” විවේක සහ විනෝද කටයුතු උද්‍යානය සඳහා රුපියල් මිලියන 33 ක මුදලක් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ජල පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය මගින් වෙන් කර ඇත.
තිරප්පනය නගරය සඳහා මෙවැනි වැඩසටහනක් යෝජනා කරනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාය.මීට පෙර කැළි කසල දමන ස්ථානයක් වශයෙන් පැවති වගුරු බිමක් මෙලෙස සංවර්ධනය කර තිබේ.
මේ මඟින් අනුරාධපුර වන්දනාවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට , බැතිමතුන්ට අනුරාධපුර නගරයේ අධික ජනගහනයකට එකවර ගිමන් හැරීමට නොහැකි නිසා අතරමඟ ස්ථානවල ගිමන් හැරීමට,සනීපාරක්ෂක පහසුකම් ලබා ගැනීම ආදී කටයුතු සඳහා භාවිත කිරීමට අවකාශ සැලසේ.
මෙම ව්‍යාපෘතිය මගින් ගිමන් නිවන ස්ථානයක්,ළමා උද්‍යානයක් මෙන්ම කලාපයේ පවතින දේශීය නිෂ්පාදන සඳහා ව්‍යාපාරික ස්ථාන ලබා දීම,නගරයේ පවතින දර්ශනීය ස්ථාන නගර මධ්‍යයට විවෘත කිරීම, ව්‍යායාම් මං තීරුවක්, වොලිබෝල් ක්‍රීඩා පිටියක්, පොදු වැසිකිලි පද්ධති ආදී පහසුකම් රැසක් ජනතාවට හිමිවේ.
“තුරු සෙවන” විවේක සහ විනෝද කටයුතු සංවර්ධන ව්‍යාපෘතියෙහි ඉදි කිරීම් කටයුතුද කඩිනමින් අවසන් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එහිදී ඉදිකිරීම් සමාගමට උපදෙස් ලබා දී ඇත.
--