එළඹෙන අලුත් අවුරුද්දට සාධාරණ මිලට සහල් ලබා දීමේ වැඩපිළිවෙලක් රජය සතුව ඇතැයිද අමාත්‍යවරයා කීය. ඉදිරියේදී ආහාර අර්බුදයකට රට මුහුණ දෙමින් සිටීන බව සහ ඒ සඳහා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27/2 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පසුගිය යල සහ මහ කන්නයන්හි අස්වැන්න සමස්ථයක් වශයෙන් ගත් කළ 25%ක පමණ ප්‍රමාණයක් අඩු වී ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා , එහෙත් මෙරට පරිභෝජනය සඳහා අවශ්‍ය ප්‍රමාණයට වී සහ එළවළු තොග ඇතැයිද පෙන්වා දුන්නේය. තවමත් ඇතැම් ප්‍රදේශ වල අස්වැන් නෙලන බැවින් මේ සම්බන්ධයෙන් නිවැරදි දත්ත ලබා දිය නොහැකි යැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ,
බඩු මිල වැඩියි. මිනිසුන් අපහසුවෙන් ජීවත් වන්නේ. මෙය ලෝක ආර්ථික අර්බුදයක්. ඩොලරයත් සමග මෙම ආර්ථික අර්බුදය ඇති වී තිබෙනවා. මෙය අපේ රටේ පමණක් තිබෙන දෙයක් නොවේ. යැයි පැවසීය