පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    දුම්රිය ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ - ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම

    මාර්තු 26, 2022

    දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂිත දුම්රිය සහ නගරාන්තර දුම්රිය වල ගාස්තු සංශෝධනයක් සිදු කර ඇති නිවේදනය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට දැනුවත් කර තමන් විසින් වහාම අත්හිටුවීමට පියවර ගත් බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

    දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සංඛ්‍යාලේඛන ප්‍රවාහන අමාත්‍යංශයට ලැබීමට පෙර මාධ්‍ය වෙත ලබා දී ඇති බවත්, කෙසේ නමුත් එම සංඛ්‍යාලේඛන වැරදි සහගත බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    ඊට හේතුව වශයෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඊයේ දින සවස දුම්රිය ගාස්තු සංශෝධනය පිළිබඳව පැවති සාකච්ඡාවෙන් අනතුරුව කිසියම් ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේ නම් එළඹෙන සඳුදා දින වන විට නව ගාස්තු ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවයි.
    එමෙන්ම මෙම ගාස්තු සංශෝධනය සිදු කරන්නේ ඉන්ධන මිල පියවාගැනීමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් බවත් හෙතෙම මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya