ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 මාර්තු 24 දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සනාථ කර ඇත. වැඩිදුරටත් එම නිවේදනයෙන් සඳහන් වන්නේ මෙරට බැංකු පද්ධතිය අස්ථාවරව ඇති බවට ඇතැම් පිරිස් සිදු කර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන බවත්, කිසිදු රාජ්‍ය බැංකුවක් එවැනි අස්ථාවර හෝ කඩාවැටීමේ තත්වයට පත්ව නොමැති බවත්ය.