සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම සාකච්ඡාව කැදවා තිබේ. සාකච්ඡාව අගහරුවාදා (29) සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්වේ.
මෙම ඉහළ පෙලේ සාකච්ඡාව සදහා විදුලිබල, බලශක්ති හා වෙළද අමාත්‍යාංශ, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරුන්, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ගෑස් සමාගම් ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදා හා පොලීසියේ නිළධාරීන්, සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධානීන් කැදවා තිබේ.
සංචාරකයන් රැගත් බස්රථ හා වාහන සදහා ඉන්ධන ලබා ගැනීමේදී ප්‍රමුඛතාවය ලබා ගැනීම, සංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස් කිරීම, ගෑස් අලෙවිසැල් මගින් ගෑස් ලබා ගැනීමේදී සංචාරක කර්මාන්තයේ නිරත වූවන්ට ප්‍රමුඛතාවය ලබා ගැනීම හා ඊට අදාල ක්‍රමවේදයන් සැකසීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බව ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
රට තුළ පවතින විදුලිබල, ඉන්ධන හා ගෑස් ප්‍රශ්නය නිසා සංචාරක ක්ෂේත්‍රයට විවිධ බලපෑම් සිදුව ඇති බවත් එම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම සාකච්ඡාව කැදවූ බවත් ඇමතිවරයා සදහන් කරයි.
මේ අතර මේ වසරේ මාර්තු 24 දින දක්වා සංචාරකයින් 2,63,121 දෙනෙතු මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය නිකුත් කළ අලුත්ම වාර්ථාවල සදහන් වන්නේ මාර්තු මාසයේ 24 වන දින දක්වා සංචාරකයන් 84,287 ක් පැමිණ ඇති බවයි. පසුගිය ජනවාරි මාසයේදී සංචාරකයන් 96,507 දෙනෙකු පැමිණියහ.
මාර්තු මාසයේ 1 සිට 24 දක්වා මෙරටට ඉන්දියානු සංචාරකයන් 18,863 දෙනෙකු පැමිණ ඇති අතර එක්සත් රාජධානියෙන් සංචාරකයන් 8,779 දෙනෙකු පැමිණ තිබේ. රුසියානු සමූහාන්ඩුවෙන් එම කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 8008 කි. ජර්මනිය , ප්‍රංශය, පෝලන්තය, ඇමරිකාව, කසකස්ථානය, කැනඩාව හා ඉරානය එම කාල සීමාව තුළ මෙරටට සංචාරකයන් පැමිණි ප්‍රධාන රටවල් වේ. මේ අතර පසුගිය ජනවාරි 1 වෙනිදා සිට මාර්තු 24 වන දින දක්වා ඉන්දීය සංචාරකයන් 43,358 ක් මෙරටට පැමිණ තිබේ. රුසියානු සමූහාන්ඩුවෙන් පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 36,826 කි. එක්සත් රාජධානියෙන් සංචාරකයන් 26.863 ක් පැමිණ ඇති අතර ජර්මනියෙන් 20,740 ක් හා ප්‍රංශයෙන් 13,780 ක් සංචාරකයන් මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා මගින් තහවුරු වේ.