පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    අගමැති බංග්ලාදේශයේ 51වැනි නිදහස් හා ජාතික දින සැමරුමට කොළඹදී එක්වෙයි

    මාර්තු 28, 2022

    ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ බංග්ලාදේශයේ 51වැනි නිදහස් හා ජාතික දින සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය(26) පස්වරුවේ කොළඹ, ගාලුමුවදොර හෝටලයේ දී පැවැත්විණි.

    ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරික් මොහමඩ් අරිෆුල් ඉස්ලාම් මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ද මෙම සැමරුම් උත්සවයට එක්වූවාය.

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර රාජතාන්ත්‍රික සබඳතාවලට 2022 වර්ෂයට වසර 50ක් ගත වීමද විශේෂත්වයකි.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන,අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු,එස්.බී. දිසානායක,ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරික් මොහමඩ් අරිෆුල් ඉස්ලාම්, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහත්වරු ඇතුළු විදේශීය තානාපතිවරු,මහ කොමසාරිස්වරු,රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් හා ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya