ඔහු මේ බව පැවසුවේ අද (28) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අඳහස් දක්වමිනි.
දැනට ලෝක වෙළදපොලෙහි කිරි පිටි මිල ඉහළ යාමත්, කිරිපිටි හිඟකමත් සමග ලංකාවට ද එය බලපාන බවද, එමනිසා මෙරට කිරි නිෂ්පාදනය වැඩි කිරීමේ වැඩසටහන කඩිනම්ව ක්‍රියාත්මක කිරීම සඳහා පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයට මුදල් අමාත්‍යවරයා විශේෂ ප්‍රතිපාදන ලබාදී ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
එම විශේෂ ප්‍රතිපාදන ලංකාවේ පළාත් 09හිම පළාත් සභා සමග එකතු වී පශු වෛද්‍ය කාර්යාල 337 ආවරණය කරමින් ගොවීන්ට ලබාදෙමින් සත්ත්ව අභිජනනය සහ පෝෂණය පදනම් කරගනිමින් කඩිනම් කිරි නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලකට අවතීර්ණ වී ඇතැයිද රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා සඳහන් කළේය.
මේ වන විටත් දිස්ත්‍රික්ක මට්ටමේ සියලුම ස්ථාන වලට ගොස් පශුවෛද්‍ය නිලධාරීවරුන් දැනුවත්කර ඇතැයිද, මෙම මුදල් සෘජුව ගොවියාට ලබාදෙමින් සත්ත්ව ආහාර ලබාදෙමින්, අභිජනන ක්‍රියාවලිය නියමිත වේලාවට සිදුකර අවශ්‍ය පහසුකම් එනම් ගවගාල් සකස්කර දෙමින්, තණකොළ කපන යන්ත්‍ර ලබාදීමටත්, තෘණ වගාව සිදුකිරීම ආදී වශයෙන් කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද පැවසුවේය.
එමගින් දැනට නිෂ්පාදනය කරන කිරි ප්‍රමාණය දෙගුණ කිරීමේ ක්‍රියාවලියකට යාමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය. මේ නිසා නුදුරු අනාගතයේදී අරට තුළ කිරි පිටි වෙනුවට දියර කිරි භාවිතා කිරීමට හැකි වෙතැයි විශ්වාස කරන බවද, හැකි සෑම තැනකදීම දියර කිරි ප්‍රචලිත කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.
විශේෂයෙන්ම මේ සදහා රාජ්‍ය ආයතනයක් වන මිල්කෝ ආයතනය, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සෘජුව දියර කිරි ප්‍රචලිත කිරීම සදහා වැඩපිළිවෙලක් සකස් කරන බවද, මේ සදහා පෞද්ගලික අංශයෙන්ද ඉල්ලීම් කර ඇතැයි අමාත්‍යවරයා කීය.
මෙම උත්සාහය රටේ කිරි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සදහා කිසියම් ප්‍රමාණයකට ප්‍රමාණවත් වෙතැයි විශ්වාස කරන බවද රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පැවසුවේය.