රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මෙම වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට අද ( 28) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තෝරා ගත් එක් ග්‍රාම නිලධාරී වසමක තෝරා ගත් ගෙවත්තක දී හෙට මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි.
ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය ජනවාරි මාසයේ ආරම්භ කරන ලද මෙම වැඩසටහනේ මූලික අරමුණ රටේ පවතින ආර්ථික අභීයෝගය හමුවේ සෑම ගෙවත්තක්ම වැඩබිමක් බවට පත් කීරීම බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය බෝග වර්ග ගෙවත්තේ වගා කර පෝෂ්‍ය ගුණයෙන් පිරි එළවලු පළතුරු පරිභෝජනය කිරීමට ජනතාවට හැකි වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙලෙස ලැබෙන අස්වැන්නේ අතිරික්තය අපනයනය කිරීමටත් මෙම අස්වැන්න අතිරික්තය මිලදී ගැනීමටත් පියවර ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.තවද පෞද්ගලික අංශයද එක් කර ගනිමින් අස්වැන්න සඳහා අගය එකතු කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කියා සිටී.
වගා නොකරන සෑම බිම් අඟලක්ම වගා කිරීමට යොදා ගන්නා බව පැවසූ අමාත්‍යවරයා තෝරා ගත් වගා කරන පිරිස් සඳහා අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම් ලබා දෙන බවත් ගෙවත්ත සකස් කර ගැනීමට රුපියල්දෙ දහසක මුදලක් ලබා දෙන බවත් පැවසීය.
නගරවල මෙන්ම සියලු රාජ්‍ය ආයතන, පාසල් , රෝහල් ඇතුලු සියලු ස්ථානවල වගාවන් සිදු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය සහ පරිභෝජනය තුළින් සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජනතාවක් බිහි කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවද අමාත්‍යවරයා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා , ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා , සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහු රැසක් මේ අවස්ථවට එක් වූහ.