පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඇමෙරිකාවේ සහාය

    මාර්තු 28, 2022

    පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) මහත්මිය පවසයි.

    ජූලි චන්ග් මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ඇය මේ බව සඳහන් කළාය.

    ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් (Victoria Nuland) මහත්මිය ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ දී රජය දැක්වූ
    සහාය තානාපතිනියගේ ප්‍රසාදයට ලක් විය.

    පසුගිය කාලයේ දී මෙරට ආර්ථිකයේ බිඳ වැටීමට හේතු වූ කරුණු පැහැදිලි කළ ජනාධිපතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය අපේක්ෂා කරන බව
    සඳහන් කළේය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට රජය ගත් තීරණය පැසසීමට ලක් කළ ජූලි චන්ග් මහත්මිය එය මෙරටට දිගුකාලීනව ඉතා වැදගත් බව පෙන්වා දුන්නාය.

    කුමන ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ ද අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබීය.

    ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති මාටින් කෙලී (Martin Kelly) සහ දේශපාලන හා
    ආර්ථික උපදේශක සුසෑන් වෝක් (Susan Walke) යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya