ජූනි 17, 2025
tami eng youtube  twitter facebook

    ''හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමය -2022 අද සුභ මොහොතින් දිවයින පුරා ඇරඹේ

    මාර්තු 29, 2022

    වසවිසෙන් තොර පෝෂණයෙන් සපිරි නැවුම් එළවළු හා පළතුරු, පලාවර්ග, අලවර්ග ඇතුළු බෝග තම ගෙවත්තෙන්ම සපයා ගැනීම තුළින් නිරෝගී ස්වයංපෝෂිත පවුල් ඒකක සංකල්පය ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය 2022 ලබන අද (29) පෙ.ව. 9.18 යෙදෙන සුභ මොහොතින් දිවයිනපුරා ආරම්භ කෙරේ.

    මෙහි සමාරම්භක උත්සවය කහතුඩුව ප්‍රදේශයේ තෝරාගත් ගෙවත්තක පවැත්වෙයි. මීට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් ජනාධිපති මන්දිරයේ දී ද,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අරලියගහ මන්දිරයේදී ද,මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සුරතින් මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේ ද පැල රෝපණය කිරීමට නියමිතය.

    වත්මන් ආර්ථික අභියෝග හමුවේ දේශීය ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම ගෘහස්ථ මට්ටමින් ජනතාව දායක කර ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාවට නංවන වැඩසටහන ඔස්සේ ගෙවතු වගාවේ නියුතු පවුල් ලක්ෂ 22ක් සංවර්ධනයට සැලසුම් කර ඇත. මෙම ජාතික වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාව එක් එක් ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල, එක් ග්‍රාම නිලධාරී වසමක තෝරාගත් ගෙවත්තකදී මහජන නියෝජිතයන්, ගෙවතුලාභීන්, ප්‍රාදේශීය මට්ටමින් මෙම වැඩසටහනට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, ප්‍රජා සංවිධාන නියෝජිතයන් සහභාගීත්වයෙන් සිදුවෙයි.
    මීට සමාන්තරව සෑම ග්‍රාම සේවා වසමකම සමෘද්ධි පැල තවාන් විසින් සකස් කළ එළවලු පැල (එක් නිවසකට පැල 40 බැගින්) එම වසමේ ප්‍රතිලාභීන් වෙත හැකිතාක් බෙදාහැරීමටත්, ගෙවතු සඳහා අනෙකුත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන විසින් ලබාදෙන යෙදවුම් ද්‍රව්‍ය වන තවාන් බීජ හා බීජ පැකට්, පළතුරු පැල, මිටි මුරුංගා සහ දේශීය අල වර්ග, අපනයන බෝග පැල, පොල් පැල හා ඖෂධ පැල ප්‍රවාහන ගැටලු අවම වන සේ ලැබෙන පිළිවෙල අනුව ප්‍රතිලාභීන් වෙත බෙදාහැරීමට නියමිතය.

     මෙම ජාතික වැඩසටහනට සමගාමීව සමාරම්භක දින සිට සතියක් පුරා සෑම ග්‍රාම නිලධාරී වසමකම සමෘද්ධි දෙපාර්තමේන්තුවේ පැල තවාන්වල රෝපිත එළවළු පැල වර්ග වසම් ප්‍රතිලාභීන් වෙත
    ලබාදීම, බීජ පැකට් බෙදාහැරීම, අනෙකුත් බෝග වර්ග බෙදාහැරීම, ගෙවතු වගාවේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම් සිදුකිරීමට පියවර ගෙන ඇත. එමෙන් ම රජයේ සියලු අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු සහ ආයතන මෙම සමාරම්භය සනිටුවන් කරමින් සංකෙතවත් කොට පැල රෝපණය කිරීම සිදු කිරීමට ද නියමිතය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya